ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගිය නිලධාරීන් ඇතුළු සෙබළුන් 2,983 දෙනෙකු පසුගිය මාස තුනක පමණ කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පෙබරවාරි මස 22 වනදා සිට මැයි මස 30 වනදා දක්වා කාලය තුළ සිදුකල මෙහෙයුම්වලදීයි.

එහිදී ත්‍රිවිධ හමුදාව මගින් 2,653 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය මගින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 330 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අතර යුද්ධ හමුදාවේ 2,515 දෙනෙක්, නාවික හමුදාවේ 237 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 231 දෙනෙකු වන බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.