ආසියානු Rising Stars එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පකිස්ථාන A කණ්ඩායම අතර දැන්  පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුර පහර දුන් පකිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගත්තා. ඒ අනුව තරඟය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 217ක් ලබාගත යුතුයි.
තරඟය දෝහාහී දී පැවැත්වෙනවා.

පකිස්ථාන A කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ ශශායිබ් ඛාන්. ඔහු පන්දු 91දී ලකුණු 60ක් ලබාගත්තා. ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ඉහළම දක්ෂතාව දැක්වූයේ රවිදු ප්‍රනාන්දු සහ ගරුක සංකෙත්. රවිඳු ප්‍රනාන්දු ලකුණු 26ට කඩුලු 3ක් සහ ගරුක සංකෙත් ලකුණු 46ට කඩුලු 3ක් දවාගත්තා.