රට වටා ඇති මහ මුහුද, දූපත් මෙන්ම ගොඩබිමද ජනතාව වෙනුවෙන් ආරක්ෂා කර දීමට රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඊට කිසිදු ආකාරයේ බලපැමක් එල්ල වීමට ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

උතුරේ ජනතාව මුහුණ දී ඇති ආර්ථික ගැටලු පිළිබඳවද රජය දැඩි අවධානයක් යොමු කර ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා.