59 වන ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිවයිනේ දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ගොවි ජනතාවද ඊට සහභාගිවී සිටි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදු කෙරුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ සංවිධාන කිහිපයක් 59 වන ජාතික අලුත් සහල් මංගල්‍ය උලෙල සංවිධාන කර තිබෙනවා.