අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් යටතේ ඊයේ දිනය තුළ පුද්ගලයින් 26,607 දෙනෙකු පරික්‍ෂාවට ලක් කර ඇති බව පොලීසිය පවසනවා. ඒ අතරින් අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකු ඍජුව හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ. එමෙන්ම පුද්ගලයින් 609 දෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරට වරෙන්තුකරුවන් 243ක් සහ විවෘත වරෙන්තුකරුවන් 196ක් ඇතුළත් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඊයේ දිනයේදී හඳුනාගත් අපරික්‍ෂාකාරී රිය පැදවීම් ගණන 115ක්. බීමත් රියදුරන් 74ක් ද ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.