Published
අධ්‍යාපන කටයුතු සඳහා ටික්ටොක් සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳ ටික්ටොක් සමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීම ද මෙහිදී අවධානයට ලක් වූ කරුණක්.
ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබාදීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ විෂයමාලාවට අවශ්‍ය සංශෝධන ඇතුළත් කිරීමේ වැදගත්කම මෙන්ම ඩිජිටල් තාක්ෂණය වගකීමෙන් යුතුව භාවිත කිරීම සහ ටික්ටොක් හරහා ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම මෙහිදී ටික්ටොක් නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.