ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර ජීප් රථයකින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවටත් ගත් සැකකරුවන් තිදෙනෙකු මෙම මස 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, එම සැකකරුවන් නුවරඑළිය පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අවුරුදු 40ත් 50ත් යන වයස්වල පසුවන කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්.
ඔවුන් තිදෙනා විසින් නුවරඑළිය, සීතා අම්මාන් කෝවිල අසළ රක්ෂිතයේ සැරිසරමින් සිටි ගෝණෙකු වෙඩි තබා ඝාතනය කර, ජීප් රථයකින් දංකොටුව දක්වා රැගෙන යමින් සිටියදී නුවරඑළිය රථවාහන අංශයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරිමේදී බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියක්, උණ්ඩ 09ක් සහ කුඩා ඊයම් බෝල 174ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.