‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පරිත්‍යාගශීලීන් ලබාදුන් වියළි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල්, ඇදුම් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදාදීම මේ වනවිට සිදු වනවා.

පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා තවදුරටත් ඔබටද දායකත්වය ලබාදිය හැකියි.

කොල්ලුපිටිය, 5 වන පටුමග නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාලයේදී සහ නෙත් එෆ් එම් මැදිරි සංකීර්ණය පිහිටා ඇති බම්බලපිටිය ඕෂන් වීව් ගොඩනැගිල්ලේදී එම ආධාර භාර ගැනෙනවා.

මේ අතර දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්ව ලංකා හොස්පිට්ල්ස් මගින් සංවිධාන කළ වෛද්‍ය සායන දෙකක් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලදි ඊයේ පැවැත්වුණා.

එම වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු දැක්වූ ලංකා හොස්පිට්ල්ස් වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සංජය රත්නායක මහතා.

මේ අතර කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයද දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන හා එක්ව පීඩාවට ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.

“දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 077 348 77 56 යන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

එම අංකය නැවතත් 077 348 77 56.