පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධාන්තමක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනූව සිදුකළ වැටලීමදීයි.

එහිදී මත්පෙති 3,406ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වනවා.

සැකකරු වැඩ්දුර විමර්ශන සඳහා පිළියන්දල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.