ඩෙංගු රෝගීන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් මදුරු මර්දන විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.
එය ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
ඒ අනුව දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 72ක මෙය ක්‍රියාත්මකයි.
මේ සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.
ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා.
මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබෙනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාම සියයට 50 ත් 55 ත් අතර අගයක් ගන්නා බවයි.
එමෙන්ම මෙම වසරේ ඩෙංගු රෝගීන් පසුගිය ජුනි 5 වන දින වනවිට 36,168ක් වාර්තා වී ඇති බවත් ඉන් 50%ක රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවා.
එමෙන්ම ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර යන දිස්ත්‍රික්කවලද ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.




