නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුරෙන් පසු සිදුවු ඛේදජනක ජීවිත හානි පිළිබඳව තමන් අතිශයින් කනගාටුවට පත් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

X පණිවුඩයක් නිකුත් කරමින් නේපාල ජනතාව වෙත සිය බලවත් ශෝකය පලකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහායවීමට සූදානමින් සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මාස 10කට පෙර සුළි කුණාටුවකින් තවමත් ගොඩඑන ජාතියක් ලෙස අප නේපාල ජනතාව සමඟ ශෝකය බෙදාගැනිමට සූදානම් බව සිය X ගිණුම මඟින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර නේපාලයට බලපා ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 162 දක්වා ඉහ ළ ගොස් ඇති බව නේපාල පොලිසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.