Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ලෝක වාර්තාවක් - විදෙස් ශ්‍රමිකයින් ඩොලර් බිලියන 100ක් රටට එවයි




විදේශ ගත ඉන්දියානුවන් සිය ප්‍රේෂණ රටට එවීමෙන් නව ලෝක වාර්තාවක් බිහි කිරීමට සූදනම් වනවා. ඒ, විදෙස්ගත ඉන්දීය ජාතිකයින් මෙම වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ ප්‍රේෂණ ඒවීම හේතුවෙන්. ලෝක බැංකුව පැවසුවේ ලොව එක් රටකට එවැනි විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබෙන පළමු අවස්ථාව මෙය බවයි.

ලෝක බැංකු දත්ත වලට අනුව විදෙස්ගත පිරිස් විසින් සිය මව් රටවලට එවනු ලබන ප්‍රේෂණ මේ වසරේදී සියයට 5කින් වර්ධනය වී ඇති බවයි. මෙලෙස ඉන්දියාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ඉහල යාමට හේතුවී ඇත්තේ අමෙරිකාව ඇතුළු අනෙකුත් සංවර්ධිත රටවල රැකියා වෙළෙඳපොලෙහි වැටුප් වැඩිවීම බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කලේ.

එමෙන්ම පසුගිය වසර වලදී ඉන්දියානුවෙන් අමෙරිකාව, බි්‍රතාන්‍යය, සහ සිංගප්පූරුව වැනි ඉහල ආදායම් ලබන රටවල ඉහල රැකියා සඳහා මාරුවීම ද ඊට හේතුවී තිබෙනවා. ඉන්දියාවේ මෙන්ම නේපාලයේත් විදේශ ප්‍රේෂණ ඉහල ගියද දකුණු ආසියාවේ සෙසු රටවල ඉකුත් වසරට සාපේක්ෂව ප්‍රේෂණ ලැබීම සියයට 10කට වඩා අඩු වී ඇති බවයි ලෝක බැංකුව පැවසුවේ.

විදෙස් ප්‍රේෂණ ඉහල ගොස් ඇති ලොව සෙසු රටවල් වන්නේ මෙක්සිකෝව, වීනය, ඊජිප්තුව සහ පිලිපීනයයි.