Friday, March 29, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග අද ඇරඹේ




මෙවර පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ආරම්භ වනවා. මෙම වටයේ තරග පැවැත්වෙන්නේ පිලිමළුන් පිටුදැකීමේ ක්‍රමය යටතේයි. ⁣ලෝක කුසලානයේ මූලික වටයේ පැවති තරගවලින් ඉහලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම් මෙම වටයට සුදුසුකම් ලබා තිබෙනවා. 

බ්‍රසීලය, ප්‍රංශය, ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤ, පෘතුගාලය ඒ අතරට අයත්. එමෙන්ම ක්‍රොඒෂියාව, එංගලන්තය, ඕස්ටේ්‍රලියාව, පෝලන්තය, මොරොක්කෝ යන කණ්ඩායම් ද සුපිරි 16 වටයේදී තරග වදිනවා.

නෙදර්ලන්තය, අමෙරිකාව, සෙනගල්, ස්විස්ටර්ලන්තය ද සුපිරි 16 වටයට අයත්. ආසියානු කණ්ඩායම් වන ජපානය හා දකුණු කොරියාව ද සුපිරි 16 වටයට සුදුසුකම් ලබා සිටිනවා. සුපිරි 16 වටයේ පලමු තරගය ලෙස නෙදර්ලන්තය සහ අමෙරිකාව අතර අද පැවැත්වෙනවා. 

මේ අතර ඊයේ පැවති මූලික වටයේ තරග වලදීද පාපන්දු පිටියේ පෙරලි 2ක් සිදුවුණා. 

එහිදී කැමරූන් කණ්ඩායම හමුවේ ප්‍රබල බ්‍රසීලය ගෝල 1ට 0ක් ලෙස පරාජය වූ අතර ප්‍රබල පෘතුගාලය, දකුණු කොරියාව හමුවේ ගෝල 2ට 1ක් ලෙස පරාජය වීම විශේෂත්වයක්.