Friday, March 29, 2024

General line - 0115112241

03 වන පාසල් වාරය හෙටින් ඇරඹේ




රජයේ පාසල්වල 03 වන වාරය හෙටින් ආරම්භ වනවා. එම පාසල් වාරය ලබන මාර්තු මස 24 වනදා පැවැත්වෙන බවයි  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.

මෙම පාසල් වාරය අතරතුර ජනවාරි මාසයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර එම කාල සීමාව තුලදී පාසල් සඳහා නිවාඩු ලබාදීමට නියමිතයි.

මේ අතර තොරතුරු තාක්ෂණ විෂය සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්යය විෂයක් බවට පත් කිරීමට යෝජනා ඉදිරිපත් වී ඇති බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා.