Saturday, April 20, 2024

General line - 0115112241

මහ කන්නයට බණ්ඩි පොහොර බෙදාහැරීම අදින් ඇරඹෙයි




මහ කන්නය සඳහා අවශ්‍ය බණ්ඩි පොහොර හෙවත් එම් ඕ පී පොහොර වී ගොවීන් වෙත බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කෙරෙන බව කමර්ෂල් පොහොර සමාගම පවසනවා.

එම් ඕ පී පොහොර මෙට්ට්‍රික් ටොන් 41,000 ක් කැනඩාවෙන් මෙරටට ගෙන්වා ඇති අතර එම පොහොර තොගය මාස් කන්නය සඳහා ප්‍රමාණවත් බවයි කමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා පැවසුවේ.

මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොගද මේවනවිටත් ඇනවුම් කර ඇති බැවින් කිසිඳු බියකින් තොරව වගා කටයුතු සිදුකරන ලෙසයි කමර්ෂල් පොහොර සමාගමේ සභාපති ජගත් පෙරේරා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ. 

වී වගාවට අමතරව බඩ ඉරිගු වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 9,000 ක ප්‍රමාණයක් මේවනවිටත් ගොවීන් වෙත බෙදාහැර අවසන් බවයි කමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.