Saturday, April 20, 2024

General line - 0115112241

හරක් කටා සහ කුඩු සලිඳු ගැන පොලිස්පතිගෙන් නියෝගයක්




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සලිදු මල්ශික හෙවත් කුඩු සලිදු සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට වෙනත් කිසිදු පාර්ශවයකට බලපෑම් කිරීමට ඉඩ නොතබන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට නියෝග කර තිබෙනවා.

පොලිස්පතිවරයා විසින් එම නියෝගය ලබා දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ එහි අධ්‍යක්ෂවරයාටයි. Zoom තාක්ෂණය ඔස්සේ පැවති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සාකච්ඡාවකදී පොලිස්පති සී ඩී වික්‍රමරත්න අද මෙම උපදෙස් ලබා දී තිබෙනවා. 

එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ සැකකරුවන් සම්බන්ධයෙන් දැනට විමර්ශන සිදු කරන කණ්ඩායම හැර වෙනත් කිසිදු පොලිස් කණ්ඩායමක හෝ ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙසයි.

ඊට අදාළව බාහිර පාර්ශවයකින් යම් බලපෑමක් එල්ල වුවහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් සටහන් යොදන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.