Friday, March 29, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතනවල බලය හිටපු ප්‍රධානීන්ටම හිමිවේදැයි සජබ සැකයෙන්




නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවලට නිසි බලධාරීන් පත් කරන මුවාවෙන් හිටපු සභාපතිවරුන් එම ආයතන මෙහෙයවීමට පත් කිරීමේ සූදානමක් පවතින බව සමඟි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ගයකට යොමු වුවහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.