Friday, March 29, 2024

General line - 0115112241

භාණ්ඩාගාර බිල්පත් වටිනාකමින් සියයට 65ක් ගෙවා අවසන් - මුදල් රාජ්‍ය අමාත්‍ය




පසුගිය මාස 6ක කාලය තුළ රජය විසින් ගෙවීමට නියමිතව තිබූ භාණ්ඩාගාර බිල්පත් වටිනාකමින් සියයට 65ක් රජය විසින් ගෙවා අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඉදි කිරීම් ක්ෂේත්‍රය සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 41යි දශම 8ක මුදලද ඉදිරි මාස කිහිපය තුළ ගෙවීමට උත්සහ දරන බවයි රාජ්‍ය අමත්‍යවරයා කියා සිටියේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය සම්බන්ධයෙන්ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.