Wednesday, April 24, 2024

General line - 0115112241

ගලි වළකට වැටී කොළඹ නගර සභා සේවකයින් දෙදෙනෙක් මරුට




කොටහේන ප්‍රදේශයේ ගලි වළකට වැටී කොළඹ මහ සගර සභාවේ සේවකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. කොටහේන ජෝජ්ද සිල්වා මාවතේ පිහිටි මළ අපවහන පද්ධතියේ නඩත්තු කටයුත්තක් සිදු කිරීමට ගිය අවස්ථාවේදී ඔවුන් දෙදෙනා එක්වරම සිහිසුන්ව ගලි වළකට වැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

විෂ වායුවක් අඝ්‍රාණය වීමෙන් ඔවුන් සිහිසුන් වන්නට ඇතැයි සැක කෙරෙනවා. ගලි වළට ඇඳ වැටුණු නගර සභා සේවකයන් දෙදෙනා එම ස්ථානයේ සිටි තවත් නගර සභා සේවකයින් පිරිසක් විසින් ගොඩ ගෙන කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අනතුරට ලක් වූ නගර සභා සේවකයන් දෙදෙනා එහිදී මිය ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. එලෙස මිය ගොස් ඇත්තේ මට්ටක්කුලිය සහ මරදාන ප්‍රදේශවල පදිංචිව සිටි අවුරුදු 28 සහ 38 ක් වූ පුද්ගලයින් දෙදෙනෙක්.