Thursday, April 18, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව හමුවේ ඇති මීළඟ අභියෝග ආර්ථික විශේෂඥයෙකු පෙන්වා දෙයි




මෙරට ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්වාසය ගොඩ නැගීම සඳහා තවත් පියවර කිහිපයක් ගත යුතු බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් දි මෙල් පැවසුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සහ ණය ශ්‍රේණිගත කිරීමෙන් ඉහළ තලයකට පත් වීම ශ්‍රී ලංකාව හමුවේ ඇති මීළඟ අභියෝග වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ පිළිවෙළේදී වැඩි අවධානයක් දිය යුත්තේ පාඩු ලබන ආයතන සම්බන්ධයෙන් බවද ආචාර්ය නිශාන් දි මෙල් මෙහිදී කියා සිටියා.  

මෙරට ඛනිජ තෙල් වෙළඳපොළට ප්‍රවේශ වීම සඳහා විදේශීය සමාගම් 3කට අවසර දීමට රජය ගෙන ඇති තීරණය මඟින් පාරිභෝගිකයාට වාසි දායක තත්ත්වයක් අත්කර දිය හැකි බවයි ආචාර්ය නිශාන් දි මෙල් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.