Friday, April 19, 2024

General line - 0115112241

එක්ස්ප්‍රස්පර්ල් නඩුව ගැන පොදු එකඟතාවක් ඇති කර ගැනීමට පාර්ලිමේන්තු කාරක සභාවක අවධානය




මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස්පර්ල් නෞකාව හේතුවෙන් සාගර පරිසරයට සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව පැවරීම සම්බන්ධයෙන් මත 2ක් නිර්මාණය වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අප්‍රේල් මස පළමු සතිය තුළ පොදු එකඟතාවකට පැමිණීම සඳහා කටයුතු කරන බවයි පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසුවේ. 

අදාළ නෞකාවෙන් සාගර පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා නෞකාව මුහුදුබත්ව ඇති ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමට නීතිමය අවකාශය ලැබී නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම වැඩිදුරටත් පෙන්වා දෙනවා.