Wednesday, April 24, 2024

General line - 0115112241

අවුන්සාන් සුකී නායකත්වය දැරූ පක්ෂය විසුරුවා හැරේ




මියන්මාරයේ හිටපු නායිකා අවුන්සාන් සුකීගේ නායකත්වයෙන් යුත් එරට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය විසුරුවා හැරීමට හමුදා පාලනය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම පක්ෂය විසුරුවා හරින බව මියන්මාර හමුදා පාලනය යටතේ පවතින මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය, මැතිවරණයක් සඳහා ලියාපදිංචි කිරීමේ කාලසීමාව සපුරාලීමට නොහැකි වූ මියන්මාරයේ දේශපාලන පක්ෂ 40 අතර ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියන්මාර හමුදා පාලනය විසින් දේශපාලන පක්ෂ සඳහා නව මැතිවරණ නීතියක් යටතේ ලියාපදිංචි වීමට මාස දෙකක කාලයක් ලබා දී තිබුණා. මියන්මාරයේ දේශපාලන ක්‍රියාකාරීන් පවසන්නේ හමුදාව කැඳවන මැතිවරණය නිදහස් හෝ සාධාරණ නොවන බවයි.

කෙසේවෙතත්, එවන් මැතිවරණයකට තරඟ නොකරන බව ද අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පවසා තිබෙනවා.