Friday, March 29, 2024

General line - 0115112241

බැලැස්ටික් මිසයිලවලින් සන්නද්ධ 3,000 ක රුසියානු බලඇණියක් යුද අභ්‍යාසයක




රුසියාව මහා පරිමාණ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව සතු අති නවීන බැලැස්ටික් මිසයිල පද්ධතියක් ද මේ සඳහා එක් කර ඇති බවයි. සිය න්‍යෂ්ටික ශක්තිය ලොවට පෙන්වීම සඳහා රුසියාව මෙම යුද අභ්‍යාසය දියත් කර ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

යුද අභ්‍යාසය සඳහා එක්ව සිටින රුසියානු හමුදා බල ඇණිය 3000 කට අධික බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. යුද උපකරණ 300 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා එක් කර ඇති බවද සඳහන්.

රුසියාව මෙම මහා පරිමාණ යුද අභ්‍යාසය ආරම්භ කර ඇත්තේ මතභේදයට තුදු දුන් ලෙපර්ඩ් ටූ වර්ගයේ අතිනවීන යුද ටැංකි 18 ක් ජර්මනිය යුක්රේනය වෙත ලබා දී ඇති පසුබිමක් තුළයි. ඒ සම්බන්ධයෙන් රුසියාව බටහිර හා යුරෝපා රටවල් සඳහා අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබෙනවා.