Friday, March 29, 2024

General line - 0115112241

ඉන්ධන සම්බන්ධයෙන් ඉන්දියාව සහ රුසියාව අතර ගිවිසුමක්




දෙරට අතර වර්ධනය වෙමින් පවතින ඉන්ධන ගනුදෙනු තවත් ශක්තිමක් කරමින් ඉන්දියාව සහ රුසියාව ගිවිසුම්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව රුසියානු බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන රොස්නෙෆ්ට් සමාගම සහ ඉන්දියන් ඔයිල් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සඳහා රුසියානු සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඉන්දියාවට පැමිණ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

යුක්රේන යුද්ධය හමුවේ බටහිර සහ යුරෝපානු රටවල් රුසියානු තෙල් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් රුසියාව මේවනවිට නව ගැනුම්කරුවන් සොයමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ හමුවේ සිය මිත්‍රශීලී රටවල් තෙල් මිලදී ගන්නේ නම් වට්ටම් සහිතව තෙල් ලබාදීමට ද රුසියාව සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

බටහිර සහ යුරෝපා රටවල් රුසියානු තෙල් සඳහා මිල සීමා පැනවූව ද ඉන්දියාව එම රටවල් සමග එක්වූයේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රුසියාවෙන් සිදුකරන තෙල් මිලදී ගැනීම ඉහළ නංවනු ලැබුවා.

එහි ප්‍රතිපලයක් ලෙස මේවනවිට ඉන්දියාවට විශාල වට්ටම් යටතේ රුසියාවෙන් තෙල් හිමිවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඉරාකය සහ සවුදි අරාබිය අභිභවා යමින් මේවනවිට ඉන්දියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරු බවට පත්ව සිටින්නේ ද රුසියාවයි.