Saturday, April 20, 2024

General line - 0115112241

වායු දූෂණයෙන් සති 09 කදී තායි වැසියන් ලක්ෂ 13 ක් ලෙඩ වෙයි




වායු දූෂණය හේතුවෙන් තායිලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. එරට සෞඛ්‍ය දත්තවලට අනුව වසරේ ගතවූ පළමු සති 9 යේදී පමණක් එරට පුද්ගලයින් ලක්ෂ 13කට වැඩි පිරිසක් වායු දූෂණය ආශ්‍රිත රෝගාබාධවලින් පීඩා විද ඇතැයි සඳහන්. ඉන් ලක්ෂ 2 කට ආසන්න පිරිසක් වාර්තාවී ඇත්තේ මාර්තු මස මුල් සතියේදීයි. 

ඇතැම් නගරවල කඳු පන්ති නොපෙනෙන මට්ටමකට හා ශාඛවල පත්‍ර අළුපැහැ ගැන්වෙන පරිදි වායුව දූෂණයවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. තායිලන්තයේ වායුවේ අන්තරායකර අංශු මට්ටම ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

එමඟින් පෙනහළු, ඇස්, සම සහ හෘද යන රෝග ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවද සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. පවතින තත්ත්වය සලකා ගොවිතැන් කටයුතු සඳහා වගාබිම් ගිනි තැබීමද තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.