Wednesday, April 24, 2024

General line - 0115112241

බේකරි නිශ්පාදනවල මිල අඩු කිරීමට කොන්දේසියක්




බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා පහත දැමුවහොත් පාන් හැර සෙසු බේකරි නිශ්පාදනවල මිල අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලැබීමත් සමඟ බිත්තර සඳහා වෙළඳපොළේ පවතින ගැටලු සතියක් ඇතුළත නිරාකරණය වනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි.

ඉන්ධන මිල අඩු වුවද බේකරි නිශ්පාදනවල මිල ගණන් පහත දැමිය නොහැකි බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.