Friday, March 29, 2024

General line - 0115112241

 ජංගම දුරකතන මිල සියයට 20කින් පහළට




ජංගම දුරකථනවල මිල අඩු කිරීමට ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඵ් ඩොලරයේ මිල අඩුවීම සැලකිල්ලිට ගනිමින්. ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් පැවසුවේ ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ අඩු වනු ඇති බවයි.

ජංගම දුරකථන මෙන්ම ජංගම දුරකථන උපාංග මිල ද මේ යටතේ අඩුවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

ඉදිරියේදි ඩොලරයේ අගය වැඩිවුවහොත් ජංගම දුරකතනයේ මිල ද යලිත් වැඩිවන බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පැවසුවා.