Monday, April 29, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර අලුත් වැඩක් ලොව පුරා නගර 12කදී අද එකවර ප්‍රදර්ශනයේ




නෙත් එෆ් එම් අන්ලිමිට්ඩ් හිස්ට්‍රි මිලග දැවැන්ත පියවර අද සිදුවනවා. ඒ,     මි මුරේ මී මුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලොව පුරා එළි දක්වමින්.


නෙත් එෆ්එම් අන්ලිමිට්ඩ් හිස්ට්‍රි වැඩසටහනින් ඔබ අමතන පුරාවිද්‍යාව පිලිබද මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් රචිත මී මුරේ මී මුත්තන් සොයා කෘතිය එලිදැක්වීමද මෙහිදී සිදුවනවා.

 මෙම වාර්තා චිත්‍රපටය නෙත් එෆ් එම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී හා අන්ලිමිට්ඩ් හිස්ට්‍රි වැඩසටහන මෙහෙයවන නුවන් ලියනගේ ගේ නිර්මාණයක්.


මෙහි විශේෂත්වය වන්නේ මෙම වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා නගර 12ක එකවර ප්‍රදර්ශනය කිරීමයි. මෙරට ප්‍රදර්ශනය අද දහවල් 12.30ට ජාතික ලේඛනාරක්ෂක ශාලාවේදී සිදුවනවා. 

මෙම සුවිශේෂී අවස්ථාවට එක් වන ලෙස ඔබ සැමට ආරාධනා කරන අතර ඒ සඳහා නොමිලේ ඇතුලුවිය හැකියි.