Friday, January 17, 2025

General line - 0115112241

වගා හානි සිදු වූ ගොවින්ට නොමිලේ ඉන්ධන ලබා දිම ඇරඹේ




පසුගිය යල කන්නයේ වගා හානි සිදුවූ ගොවි ජනතාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් හෙක්ටයාර් එකකට ඩීසල් ලීටර් 40ක් බැගින් නොමිලයේ ලබා දීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ඉන්ධන ලබා ගැනීම සඳහා වවුචර්පත් නිකුත් කිරීම ඊයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීරගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. ඒ, අගුනකොළපැලැස්ස පැවැති වැඩසටහනක දීයි. 


පසුගිය යල කන්නයේ විශාල ලෙස වගා හානි වාර්තා වූ වලව කලාපය, හම්බන්තොට දිස්ත්‍රික්කය හා කුරුණෑගල දිස්ත්‍රික්කය ඇතුළු වගා හානි සිදුවූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමි වනවා.

චීන රජය විසින් පසුගිය මහ කන්නයේ වී වගා කිරීමට නොමිලයේ බෙදා දීම සඳහා ඩීසල් ලීටර් මිලියන 6යි දශම 9ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දි තිබූ අතර එම ඩීසල් ප්‍රමාණයෙන් ඉතිරිව තිබූ ඩීසල් ලීටර් මිලියන 02ක්  එලෙස ගොවි ජනතාවට බෙදා දීමටයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දි ඇත්තේ.