Monday, April 29, 2024

General line - 0115112241

73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී දේව මෙහෙයක් 




2023 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ  ක්‍රිස්තියානි දේව මෙහෙයක් පවත් වුනා.

ඒ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී 

මේ සදහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, මාලා ළමාහේවාගේ සහභාගීවී තිබෙනවා.

මෙම දේව මෙහෙය මඟින් නාවික හමුදා ධජය සහ නාවික හමුදා විධාන ධජයන් වෙත ක්‍රිස්තියානි ආගමික වත් පිළිවෙත් අනුකූලව ආශිර්වාද ප්‍රාර්ථනා සිදුකිරීම සහ නාවික හමුදාවේ සියළුම නෞකා හා ආයතනයන් වෙත දේව ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම සිදුකෙරිණි. 

එමෙන්ම, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සහ අබාධිත වීරෝධාර නාවික හමුදා රණවිරුවන් හට මෙන්ම, දැනට සේවයේ නියුතු සහ විශ්‍රාමික සියලුම නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්හටත්, සමස්ථ නාවික හමුදාවටත් ආශිර්වාද ප්‍රාර්ථනා කෙරිණි.