Saturday, July 27, 2024

General line - 0115112241

රට තුළ ඇති වාහන ලක්ෂ 55 කින් ලක්ෂ 10 ක් ප්‍රමිතියෙන් තොර බවට අනාවරණයක්




ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වන විභාගය ඔන්ලයින් ක්‍රමය හරහා සිදුකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඔන්ලයින් ක්‍රමය හරහා මේ වනවිට එම විභාගයට පෙනී සිටින්නේ අයදුම්කරුවන් 55,000 ක් පමණක් බවයි පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ. 


වසරකට දුම් පරික්ෂණය සඳහා යොමු කෙරෙන රථ වාහනවලින ලක්ෂ 10 ප්‍රතික්ෂේප වන බව ද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවා.


පාර්ලිමේන්තුව අද දිනයේ ද රැස්වීමට නියමිතයි. එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.