Monday, April 29, 2024

General line - 0115112241

ජනාධිපතිට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමේ




කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වුනා.

එහි  ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

එම සමරුම්  උත්සවයේදී  150 වන සංවත්සරය වෙනුවෙන් සමරු ඵලයක් නිරාවරණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

1996 වසරේ ක්‍රිකට්  ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත සහ 2014 පන්දුවාර 20 (T20) ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත එහිදී  කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය  පිරිනැමීමද විශේෂත්වයක්.

එමෙන්ම කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර ගණනාවක් සිය දායකත්වය දැක්වු සාමාජිකයන් වෙත උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වුනා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමීම එහි සභාපති නිශාන්ත රණතුංග අතින් සිදු වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළා.