Tuesday, April 16, 2024

General line - 0115112241

හම්බන්තොට ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟිය යුතු බව ජනපති අවධාරණය කරයි




හම්බන්තොට මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර නැගෙනහිර සහ හම්බන්තොට නගර සංවර්ධන සැලසුම් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

හම්බන්තොට ප්‍රදේශයේ දැනටමත් සිදු කර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් භාවිතයට ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මොනරාගල ප්‍රදේශයේ පවතින අමතර ඉඩම් ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන කලාප ඇති කිරීමේ සැලසුම පිළිබඳවත් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.