Saturday, July 27, 2024

General line - 0115112241

අධික උෂ්ණත්වය නිසා වැඩියෙන් ගතයුතු ආහාර




මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හමුවේ ජනතාව තමන් පරිභෝජනයට ගන්නා  ආහාර පාන සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ඒ අනුව ආහාර පරිභෝජනයේදී දියර සහිත ආහාර වර්ග ලබා ගැනීම අතිශය වැදගත් බවයි හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක මාරසිංහ පැවසුවේ. 


එමෙන්ම මේවැනි දිනවලදි ජනතාව පරිභෝජනයට නොගත යුතු ආහාර පාන වර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් ද වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක මාරසිංහ නෙත් නිවුස් වෙත මෙලෙස පැහැදිළි කළා. 

මේ අතර අද දිනය සඳහා වලංගු වන පරිදි උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ පළාත් සඳහාත් මන්නාරම දිස්ත්‍රික්කය සඳහාත් බලපැවැත්වෙන පරිදියි.

ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වුණේ බස්නාහිර, දකුණු, සබරගමුව හා වයඹ යන පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේත් අද ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.