Saturday, July 27, 2024

General line - 0115112241

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහලට

හැටන් රංජිත් රාජපක්ෂ




මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල ගොස් තිබෙනවා.

ජලාශ දෙකේම ජල මට්ටම අද උදැසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ක දක්වා පහල බැස ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

ජල මට්ටම පහල බැසිමත් සමග ජලාශයට යට වි තිබු දූපත් යලි මතු වෙමින් පවතින බවයි  එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.

දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමණාවත් බවත් ඒ අනුව කැනියොන් , ලක්ෂපාන,  නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සමාන්‍ය පරිදි සිදු කරන බවද ඉංජිනේරුවන් වැඩිදුරටත් පවසා සිටියේ.