Saturday, July 27, 2024

General line - 0115112241

තරුණ තරුණියන් දස දහසකට නොමිලේ වෘත්තීය පුහුණුව 




අනාගත දේශීය සහ විදේශීය රැකියා වෙළදපොළ සදහා තරුණ ප්‍රජාව  පෙළගැස්වීම සදහා ක්‍රියාත්මක Smart Youth වැඩසටහන "ජයගමු ශ්‍රී ලංකා" වැඩසටහන සමගින් මහනුවර බෝගම්බර බන්ධනාගාර ක්‍රීඩාංගනයේදී  අද උදෑසන පැවැත්වුනා. 

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන්.

එහිදී  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් Smart Youth Club පිහිටුවීමට පියවර ගෙන තිබුණ අතර ජනාධිපති ලේකම් කාර්යාලය සමග එක්ව, ජනාධිපති අරමුදලේ අනුග්‍රහය සහිතව තරුණ තරුණියන් දස දහසකට නොමිලේ වෘත්තීය පුහුණුව ලබාදීමටද නියමිතව තිබෙනවා.