Saturday, April 27, 2024

General line - 0115112241

පොලිස් රෝහල වෙත විදුලි උපකරණ පරිත්‍යාගයක්




විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරී සංගමයේ අනුග්‍රහයෙන් රුපියල් මිලියන 02 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි උපකරණ පොලිස් රෝහල වෙත පරිත්‍යාග කිරීමේ උත්සවයක් නාරාහේන්පිට  පොලිස් රෝහලේ ශ්‍රවණාගාරයේදී අද  පැවතුනා

එම අවස්ථාවෙදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරී සංගමයේ සභාපති විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති නොයෙල් ෆ්‍රැන්සිස්  විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  වෙත සංකේතාත්මක මෙම භාණ්ඩ භාර දීම සිදු කර තිබෙනවා.

 මේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා රාජිත ශ්‍රි දමින්ද  සුභසාධන දිසාව නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්.ජේ. පද්මිණි, පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සී.සී. බමුණුආරච්චි ඇතුළු පොලිස් රෝහලේ වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොලිසියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වී තිබුනා.