Tuesday, April 30, 2024

General line - 0115112241

පිලිප් ගුණවර්ධන 52 වන ගුණ සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්




මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත් වුනා.

මෙම ගුණ සැමරුම් උත්සවයේ මුලසුන හෙබවූයේ  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නායක හිමිපාණන්වහන්සේ විසින්.

පරිසර පද්ධති විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක විසින් මෙහි ප්‍රධාන දේශනය  සිදු කළා.

මෙම අවස්ථාවට  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා , කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ඇතුළු පක්ෂ, විපක්ෂ මැති ඇමතිවරු රැසක් ද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය , මහින්ද රාජපක්ෂ මහතා  සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ද, තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන්, විද්වතුන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහ පිලිප් ගුණවර්ධන පවුලේ ඥාතීහු එක්ව සිටියා .

එහි ජයාරූප කිහිපයක් පහතින්.