Tuesday, April 30, 2024

General line - 0115112241

2024 අළුත් අවුරුදු උත්සව සමයට සමගාමීව NDB බැංකුවෙන් “සල්ලි රටින් තෑගි අපෙන් - රෙමිටන්ස් අවුරුදු වාසිය” ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි




2024 අළුත් අවුරුදු උත්සව සමයට සමගාමීව NDB  බැංකුවෙන් “සල්ලි රටින් තෑගි අපෙන් - රෙමිටන්ස් අවුරුදු වාසිය” ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබෙනවා.
 
NDB  බැංකුවෙන් පිටරට සිට ,වෙස්ටර්න් යූනියන්, ( Western Union ) හරහා මුදල් එවන ගණුදෙනුකරුවන් අතර මුදල් ලබාගැනීමේ භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ දිරිගැන්වීම අරමුණු කොට  ,සල්ලි රටින් - තෑගි අපෙන් රෙමිටන්ස් අවුරුදු වාසිය, යන මැයෙන් සිය ප්‍රචාරණ කටයුතු මාර්තු 5 වන දා සිට අප්‍රේල් 10 වන දා දක්වා ක්‍රියාත්මක කරන බව NDB  බැංකුව සතුටින් දැනුම් දෙනු ලබනවා 

මෙහිදී වෙස්ටර්න් යූනියන් (WU ) හරහා ගණුදෙනු සිදු කිරීමට NDB  බැංකුව තෝරා ගන්නා සියලුම ගණුදෙනුකරුවන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් හිමි කරදීමට බැංකුව බලාපොරොත්තු වේ.

එළඹෙන අළුත් අවුරුදු සමයට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහනේ අවසන් අදියරේදී NDB  බැංකුවෙන් මුදල් ලබාගත් සුදුසුකම් ලත් ගණුදෙනුකරුවන් සඳහා ලොතරැයි දිනුම් ඇදීමක් මඟින් ආකර්ෂණීය ත්‍යාග රැසක් පිරිනමමින් පිළිවෙලින් රු-100,000-00, රු-50,000-00 සහ රු-25,000-00 ක් වටිනා මුදල් ත්‍යාග දිනා ගැනීමට වාසනාවන්ත ජයග්‍රාහකයින්ට අවස්ථාව හිමිකර දී ඇත.

මීට අමතරව තවත් ජයග්‍රාහී ගණුදෙනුකරුවන් 20 දෙනකු සඳහා  රු- 2,500-00 ක් වටිනා කාර්ගිල්ස් ( Cargills ) තෑගි වවුචර දිනා ගැනීමට ද මෙම අවුරුදු උත්සව සමයේ අවස්ථාව හිමි වේ.

වෙස්ටර්න් යූනියන් (WU ) සතුව පවතින ලොව පුරා විහිදී ඇති ජාලය හරහා එවන ප්‍රේශන NDB  බැංකුව හරහා ලබාගන්නා ගණුදෙනුකරුවන්ට වඩාත් පහසු සේවාවක් ලබා දීමට, NDB NEOS ඇප් එක හරහා හෝ දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඉක්මනින් සහ ආරක්ෂිතව තම මුදල් ලබා ගැනීමට ඉඩ සලසයි

මෙම ක්‍රියාවලිය ජාතියේ නිළ විදේශීය සංචිතයන් ශක්තිමත් කිරීම පමණක් නොව විදේශීය අරමුදල් මාර්ගයන් විධිමත් කිරීමට ද උපකාරී වේ

NDB බැංකුව විසින් මින් පෙර දියත් කළ විදේශ වල සිට එවන මුදල් ගනුදෙනු දිරිමත් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ප්‍රවර්ධන වැඩසටහන් වල සාර්ථකත්වය හේතුවෙන් ,සල්ලි රටින් - තෑගි අපෙන් - රෙමිටන්ස්  අවුරුදු වාසිය, ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

පාරිභෝගිකයන් සමඟ පවතින සබඳතාවය තව තවත් වර්ධනය කරමින් NDB බැංකුව රටේ ආර්ථික දියුනුව උදෙසා ශ්‍රී ලාංකික ජනතාව මූල්‍ය වශයෙන් සවිබල ගැන්වීම උදෙසා කැපවී සිටියි.

NDB හි ප්‍රේශණ සේවාවන් සහ ,සල්ලි රටින් - තෑගි අපෙන් - රෙමිටන්ස් අවුරුදු වාසිය, ප්‍රවර්ධන වැඩසටහන පිලිබඳ වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවිය වන https://www.ndbbank.com/personal/remittances  වෙත පිවිසෙන්න.

NDB  බැංකුව ශ්‍රී ලංකාවේ සිවුවන විශාලතම ලැයිස්තු ගත පෞද්ගලික වාණිජ බැංකුව වෙනවා.

මෑතකදී පැවති Asian Banking & Finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්,Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB  බැංකුව නම් කරන ලද අතර, LMD ශ්‍රී ලංකා ප්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance  සහ Euromoney ආයතන මඟින් සංවිධානය කළ වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන් වලදී NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත්‍රවිය. 

මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place To Work විසින් NDB බැංකුව 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. 

NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප්‍රාග්ධන වෙළඳපොල  තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප්‍රාග්ධන වෙළඳපොල ආශ්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. 

ඩිජිටල් බැංකුකරණ විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.