Saturday, July 27, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මහලේකම් කවුද? සාරතී දුෂ්මන්තගෙන් උත්තර

නිහාල්සිරි ගම්ලත්




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන් තවදුරටත් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවයි කරවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.


කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිනී වලේගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවේ දැක්වූයේ මෙවන් අදහසක්.