වඩුක්කෝට්ටේ, පාන්ඩවෙටිටි, සුලිපුරම් කාලි කෝවිල අසලදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ සුලිපුරම්, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 02යි ග්‍රෑම් 70 ක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.