Saturday, May 4, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට  වගකිව යුත්තන්ට සජිත්ගෙන් දැඩි දඬුවම්




සිය රජයක් යටතේ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සියලු පාර්ශවවලට එරෙහිව තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සිදු වී වසර 05ක් ගත වුවත් ඊට වගකිව යුතු පාර්ශවවලට දඬුවම් ලබා දෙන බවට පැවති රජයන් කළ ප්‍රකාශ වචනයට පමණක් සීමා වී ඇති බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

පාස්කු ප්‍රහාරයට වසර 05ක් ගත වීම නිමිත්තෙන් සමගි ජනබලවේගයේ කතෝලික කමිටුව කොළඹ ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේ සිදු කළ දානමය පිංකමකට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ දේශපාලන මැදිහත්වීමකින් තොරව පැවැත්විය යුතු බවයි.

පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙම අදහස් පළ කළා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදු වී වසර 05ක් සම්පූර්ණ වූ ඊයේ දිනයේ දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවලදී විවිධ වැඩසටහන් පැවැත්වුණා.