Saturday, May 4, 2024

General line - 0115112241

චීනයේ ගංවතුරකින් 11ක් අතුරුදන්




දින කිහිපයක සිට චීනයට ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ගුවැන්ඩොංග් ප්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

කෙසේවෙතත් ගංවතුර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ 60,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි.

එමෙන්ම විශාල භූමි ප්‍රමාණයක් මේ වන විට ගංවතුරෙන් යටවී ඇති අතර පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් රැසක්ද එම ප්‍රදේශයට යොමු කර ඇති බව එරට බලධාරීන් පවසනවා.

ඒ අනුව ගංවතුරට යටවූ ජනතාව ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කිරීමේ කටයුතු ද සිදු කෙරෙනවා.

චීන කාලගුණ බලධාරීන් පවසන්නේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදීද පැවතිය හැකි බවයි.