Saturday, May 4, 2024

General line - 0115112241

මොරගහහේනේ වෙඩි තැබීම ගැන පොලිස් අධිකාරීවරයකු යටතේ විශේෂ විමර්ශනයක්




මොරගහහේන පොලිස් වසමේ පුවක්වත්ත මංසන්ධිය ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ මූලිකත්වයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව.


අදාළ ත්‍රීරෝද රථයේ සිටි තවත් පුද්ගලයකු පැනගිය බවට සැකයක් පැවතුනද මෙතෙක් එවැනි තොරතුරක් ලැබී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.