Monday, May 6, 2024

General line - 0115112241

කොළඹ හා දකුණට විශේෂ ආරක්ෂාවක් - මාර්ගත් වැසෙයි




ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ සහ දකුණේ ප්‍රදේශ කිහිපයක අද දිනයේ විශේෂ ආරක්ෂාවක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ඔහු සඳහන් කළේ පොලිසියට අමතරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරින්, යුද්ධ හමුදා බුද්ධි නිලධාරින් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙලට එක්වෙන බවයි.

ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන්. එබැවින් උදෑසන 09යි 30 සිට එහි මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.


උත්සවය අවසන් වීමෙන් පසුව දහවල් 12 සිටද මෙම මාර්ගය යළි වසා තැබීමට නියමිත අතර කටුනායක අධිවේගී මාර්ගය සහ කොළඹ ප්‍රදේශ කිහිපයක මාර්ගද තාවකාලිකව වසා තැබීමට නියමිතයි. 


සවස 06න් පසුව ජනාධිපති කාර්යාලය, කොල්ලුපිටියේ සහ ගාලු පාරේ මාර්ග වරින් වර වසා තැබීමටද නියමිතයි.


මාර්ග වසා තැබෙන අවස්ථාවලදී එහි නිවාස හා කාර්යාලවල සිටින පුද්ගලයින් මෙන්ම අදාළ මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පැහැදිලි කළා.


හදිසි අවශ්‍යතාවයක් මතු වුවහොත් ජනතාව කටයුතු කළ යුත්තේ කෙසේද?



ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන අවස්ථාවේ සිදුවන රථ වාහන සැලැස්මට අදාළ සම්පූර්ණ වාර්තාව පහතින්