Tuesday, May 21, 2024

General line - 0115112241

අප්‍රේල් මාසයේ උද්ධමනය ඉහළට




අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය යළි ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, අප්‍රේල් මාසයේ දී සටහන් වූයේ සියයට 1යි දශම 5ක් ලෙසයි.

එය මාර්තු මාසයේ වාර්තා වූයේ සියයට 0යි දශම 9ක් ලෙසයි. 

කෙසේවෙතත් අප්‍රේල් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

ඉකුත් මාර්තු මාසයේ වාර්තා වූ සියයට 3යි දශම 8ක් වූ උද්ධමනය  අප්‍රේල් මාසයේදී සියයට 2යි දශම 9ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවා.

එහෙත් ආහාර නොවන කාණ්ඩය මාර්තු මාසයේ වාර්තා කළ සියයට සෘණ 0යි දශම 5ක උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 0යි දශම 9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.