Tuesday, May 21, 2024

General line - 0115112241

සාමාන්‍යපෙළ විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම තහනම්




අ පො ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම තහනම සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් පැවැත්වෙනු ඇති.

ඒ අනුව කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් මෙම නියෝග නොසළකා කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳ පොලීසියට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර දැනුම් දෙන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා මධ්‍යස්ථාන 3,527කදී පැවැත්වීමට නියමිතයි.