Sunday, May 19, 2024

General line - 0115112241

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක්




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් මේවන විට පැවැත්වෙනවා.

ඒ, නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් එම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වනවා.

එමෙන්ම ජනාධිපතිවරයා සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර පසුගිය දා පැවැති හමුවේදී සාකච්ඡාවට ලක්වූ කරුණු සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී අවධානය යොමුකෙරෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.