Sunday, May 19, 2024

General line - 0115112241

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පෙරලිකාර ජයක්




2024 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී පිට පිට ලැබූ පාරාජයන් හතරකින් පසු පෙරලිකාර ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

ඒ, සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සන් රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 173ක් රැස්කළා.

ට්‍රැවිස් හෙඩ් පන්දු 30කදී ලකුණු 48යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02කදී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කළා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සූර්ය කුමාර් යාදෙව් පන්දු 51කදී නොදැවී ලකුණු 102ක් රැස්කිරීමට සමත් වුණා. ඒ 04 පහර 12ක් සහ 06 පහර 06ක් සමඟින්.