Sunday, May 19, 2024

General line - 0115112241

අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය




අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා.      

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණු අවස්ථාවේදී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ නිවේදනය කළේ පසුගිය 03 වනදා එම පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කළ බවයි.

පසුගිය අප්‍රේල් මස 24 වනදා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනුනා.

ඒ අනුව එම පනත් කෙටුම්පත 2024 අංක 25 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත වශයෙන් පසුගිය 03 වනදා සිට බලාත්මකවී තිබෙනවා.